අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවක් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඒ සඳහා භික්ෂු විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.
පසුගිය දා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ තීරණයක් මත එහි අධ්‍යයන කටයුතු තාවකාලික ව නවතා දැමුණු අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස ද දැනුම්දීමක් කර තිබුණි.
පාලක සභාව විසින් ගත් එම තීරණයට හේතු වූ කාරණා පිළිබඳ ව අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා විසින් නියෝජ්‍ය අමාත්‍යාවරයා දැනුම්වත් කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව හා සම්බන්ධ විය.
මෙහි දී විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඩාළ නොවී, අඛණ්ඩ ව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.