Wednesday, May 14, 2025
Home » භික්ෂු විශ්වවිද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට

භික්ෂු විශ්වවිද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට

by chanaka
January 16, 2025 5:14 pm 0 comment

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවක් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ඒ සඳහා භික්ෂු විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.

පසුගිය දා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ තීරණයක් මත එහි අධ්‍යයන කටයුතු තාවකාලික ව නවතා දැමුණු අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස ද දැනුම්දීමක් කර තිබුණි.

පාලක සභාව විසින් ගත් එම තීරණයට හේතු වූ කාරණා පිළිබඳ ව අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා විසින් නියෝජ්‍ය අමාත්‍යාවරයා දැනුම්වත් කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව හා සම්බන්ධ විය.

මෙහි දී විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඩාළ නොවී, අඛණ්ඩ ව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT