Home » Star Garments ජාතික අපනයන සම්මාන උලෙළේදී රනින් බැබළෙයි

Star Garments ජාතික අපනයන සම්මාන උලෙළේදී රනින් බැබළෙයි

by sachintha
January 16, 2025 1:26 am 0 comment

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්තයෙකු මෙන්ම කාබන් ශූන්‍යතා සහතිකලත් මෙරට එකම ඇඟලුම් කර්මාන්තශාලා ජාලය වන Star Garments සමූහය, පසුගියදා පැවති 32 වැනි ජාතික අපනයනය වාණිජ මණ්ඩල සම්මාන උලෙළේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්විය. ජාතික අපනයන වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධාන කරන මෙම සම්මාන උලෙළේ මෙවර තේමාව වූයේ, ‘නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය වැළඳගැනීම’ය. සම්මාන ප්‍රදානෝත්සවය දෙසැම්බර් 6 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණි.

2023 වසරේදී ගෝලීය වෙළෙඳපොළ තුළ සිදුවූ විවිධ වෙනස්වීම් හමුවේ මතුවුණු නොයෙක් අභියෝග මධ්‍යයේ Star Garments සමූහය මෙවන් ජයග්‍රහණයක් අත්කරගැනීම විශේෂයෙන් කැපී පෙනේ. එහිදී අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලංකාව තුළ තම ආයෝජන තවත් පුළුල් කළ Star Garments සමූහය, කොළොන්න මැනුෆැක්චරින් පුද්ගලික සමාගම මිලදී ගැනීමත් සමඟ මෙරට තුළ සිය ඇඟලුම් කර්මාන්තශාලා ජාලය 12ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්විය.

ආචාරධාර්මික සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරමින් ලොව සුප්‍රකට සන්නාම රැසක් වෙනුවෙන් Star Garments තම ඇඟලුම් අපනයන සිදු කරයි. 2023 වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයන තුළින් ඩොලර් බිලියන 4.5කට වැඩි අපනයන ආදායමක් උපයාගත් අතර, ඉන් දැවැන්ත පංගුවක හිමිකාරිත්වය Star Garments සමූහය සතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT