ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම පිළිබඳ ප්‍රමුඛතම සමාගමක් වන HomeServe Germany සමඟ හවුල්කාරිත්වයක් පසුගියදා ආරම්භ කරන ලදි. මෙහිදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ සුදුසුකම් සමඟ මෙරට තරුණ තරුණියන් වෙත ජර්මානු ගොඩනැඟිලි සේවා අංශයේ රැකියා අවස්ථාවන් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සවිමත් කිරීම මෙම සහයෝගිතාවයේ ප්‍රධාන අරමුණ වේ.
මෙම සහයෝගිතාව යටතේ DIMO Academy ජර්මානු ප්‍රමීතින් මත පදනම් වූ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK) විසින් සහතික කරන ලද ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති Plant Engineering ඩිප්ලෝමා පාඨමාලාව මෙරට තරුණ ප්‍රජාවට ලබා දෙන අතර, මෙම ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන්ව HomeServe ආයතනය ජර්මනියේ සිය රැකියා අවස්ථා සඳහා බඳවා ගැනේ. එමෙන්ම මෙමඟින් සිසුන් වෙත ජර්මන් භාෂා පුහුණුවක් ද ලබාදෙන අතර ජර්මනියේ වෘත්තීය කටයුතු සාර්ථකව සිදු කිරීමට ඇති හැකියාව එමඟින් තවදුරටත් තහවුරු කරනු ලබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගොඩනැඟිලි සේවා අංශයේ විශේෂයෙන්ම HAVC විෂය පිළිබඳ නිපුණත්වය සහිත පුහුණු තාක්‍ෂණික ශිල්පීන් සඳහා ඇති ඉල්ලුම, තිරසර ඉදිකිරීම් ක්ෂේත්‍රයක් සහ බලශක්ති කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උනන්දුව නිසාම වැඩි වශයෙන් වර්ධනය වී ඇත. ඒ වගේම ජර්මනියේ අනුගමනය කරන උසස් ප්‍රමීතීන් නිසාත් පුනර්ජනනීය බලශක්ති වෙත ඇති නැඹුරුව නිසාත් මේ අංශයේ පුහුණු තාක්‍ෂණික ශිල්පීන්ගේ හිඟයක්ද පවතී. මෙම හවුල්කාරිත්වය හරහා ජාත්‍යන්තර මට්ටමෙන් ගොඩනැඟිලි සේවා අංශයට අවශ්‍ය පුහුණු කාර්මික ශිල්පීන් ලබා දීම ද සිදු වෙනවා.