Saturday, May 3, 2025
Home » පාකිස්තානයේ ලක්ෂ 14ක දරුවෝ සාගින්නේ උපදිති

පාකිස්තානයේ ලක්ෂ 14ක දරුවෝ සාගින්නේ උපදිති

by sachintha
January 16, 2025 1:27 am 0 comment

ගංවතුර හා නියඟ වැනි දේශගුණික විපර්යාස ඉහළ යෑම හේතුවෙන් පාකිස්තානයේ උද්ගත වූ දැඩි ආහාර හිඟය නිසා පසුගිය වසරේදී එරට දරුවන් මිලියන 1.4ක් සාගින්න මධ්‍යයේ උපත ලැබූ බව ‘සේව් ද චිල්ඩ්රන්‘ රාජ්‍ය නොවන සංවිධානයේ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේශගුණික විපර්යාස සඳහා ලොව වඩාත්ම නිරාවරණය වූ රටක් ලෙස සැලකෙන පාකිස්තානය පසුගිය වසරේ කුසගින්නේ උපන් දරුවන්ගේ රටවල් ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී ඇතැයි ද, එරට 20%කට වැඩි දරුවන් ප්‍රමාණයක් මන්දපෝෂණ ඌනතාවලට ගොදුරු වී ඇතැයි ද සේව් ද චිල්ඩ්රන් සංවිධාන වාර්තාවේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2001දී ලොව පුරා මිලියන 21.5කට වැඩි දරුවන් සංඛ්‍යාවක් සාගින්නේ උපත ලැබූ බවත්, 2018 වසරේදී එය මිලියන 14.5 දක්වා අඩුවූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. එහෙත් වසර 2019 දී ලොව පුරා සාගින්නේ උපත ලැබූ දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 15.3 දක්වා ඉහළ ගිය බවත්, පසුගිය වසරේදී දරුවන් මිලියන 18.2ක් සාගින්නේ උපත ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT