Tuesday, May 13, 2025
Home » ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

by chanaka
January 16, 2025 5:31 pm 0 comment

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ.

විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇගවීමට අවශ්‍ය බවයි.

බලය සහ ලාභ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පවසා තිබුණි.

අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බව ද ඔහු පවසා තිබේ.

තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජෝ බයිඩ්න්, තමන් අමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT