Home » මෙවර නිදහස ‘ජාතික පුනරුදයකට පෙළගැසෙමු’ තේමාවෙන්

මෙවර නිදහස ‘ජාතික පුනරුදයකට පෙළගැසෙමු’ තේමාවෙන්

by sachintha
January 16, 2025 3:52 am 0 comment

ජාතික පුනරුද යුගයකට පෙළ ගැසෙමු යන තේමාව ඔස්සේ 77 වැනි නිදහස් දින උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් මෙවර නිදහස් උළෙල සැමරීමට රජය තීරණය කොට තිබේ.

මෙවර නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය් දී පැවැත්වීට නියමිත වන අතර මහජනතාවට උළෙල නැරඹීම සඳහා ද අවස්ථාව හිමිකර දී ඇත.

නිදහස් උත්සවය සඳහා 1600ක් පමණ ආරාධිතයන් සහභාගී වීමට නියමිත වන අතර උපරිම පැය එකහමාරක කාලයකින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

ත්‍රිවිධ හමුදාව සහ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව මේ වන විටත් නිදහස් උළෙලේ මූලික වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT