නෝනගම ජල උද්‍යානය පසුගිය කාලයේ ජලජ ශාකවලින් වැසී වල්බිහි වී තිබූ හෙයින් නෝනගම වැව පිරිසුදු කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ආරම්භ කර ඇත.
වැව ප්‍රතිසංස්කරණය කරමින් අලංකාර ජල උද්‍යානයක් ලෙස නිර්මාණය කර හංස බෝට්ටු සේවාවක් පවත්වාගෙන යෑම අම්බලන්තොට ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කෙරිණ. එහෙත් පසුගිය කාලයේ නෝනගම වැවේ ජපන් ජබර ඇතුළු ජලජ ශාක වර්ධනය වීම හේතුවෙන් ජල උද්‍යානයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නතර වී තිබිණ. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති රුවන් සෙනරත් මහතා ඉකුත්දා පැවති අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කියා සිටියේ, නෝනගම ජල උද්‍යානය ආදායම් උත්පාදනය කළ හැකි හොඳ ව්‍යාපෘතියක් හෙයින් ප්‍රතිසංස්කරණය කර එහි ක්‍රියාකාරීත්වය සක්‍රිය කිරීමට අවශ්‍ය කටයුතු සඳහා පළමුව වැවේ ජලජ ශාඛ ඉවත් කළ යුතු බවයි. ඒ අනුව හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයේ සහාය මත ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් ලබා දීමට වාරිමාර්ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය පියවර ගත්තාය. එම යන්ත්‍රය යොදාගෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව නෝනගම වැවේ වල්බිහි වී ඇති ජලජ ශාඛ සියල්ලම ඉවත් කිරීම මේ දිනවල සිදු කෙරේ.
ලුණම සමූහ – සනත් ගමගේ