තිස්නම වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ පසුගිය දෙසැම්බර් මස කොළඹ අරලියගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි. එහිදී ශ්‍රී ලාංකීය චිත්‍ර කලාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී පාලිත ගුණසිංහ මහතා වෙත කලාභූෂණ රාජ්‍ය සම්මානය පිරිනැමීම බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා අතින් සිදු කෙරිණි.
කොටු හෙට
2024 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ සම්මාන රැසක් දිනූ අසංක සායක්කාර නාට්‍ය නිර්මාණයක් වන ÒකොටුÓ එළඹෙන 18 වෙනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ.
සිංගිධි සංස්කෘතික උත්සවය සහ සම්මාන උලෙළ
පසුගියදා ඉන්දියාවේ හයිද්‍රාබාද් රවීන්ද්‍ර භාරතී ශ්‍රවණාගාර විනිශ්චය සභාවේදී ශ්‍රී ලාංකික, ඉන්දීය සහ කැනඩා කලාකරුවන් විසින් සංස්කෘතික ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි.
එහිදී ශ්‍රී ලාංකික ශිල්පිනියක් වූ ශ්‍රී ලංකා යුද හමුදා සංස්කෘතික කණ්ඩායමේ ඉන්දීය නර්තන අංශ ප්‍රධානි මේජර් වෙරෝනිකා දසනායක සහ ඇයගේ ශ්‍රී බ්‍රින්ධාවන් කතක් කේන්ද්‍රයේ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් ඊට එක් විය.
කුණා වැඩ අරඹයි
රංගන ශිල්පී පුබුදු චතුරංග තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන කුළුඳුල් සිනමා නිර්මාණය “කුණා” සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දිනෙක කොළඹදී පැවැත්විය. එදින සිනමාපටයට දායක වන රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වූහ.
හිම හංසියේ සංගීත ප්‍රසංගය අනිද්දා
ගායන ශිල්පී චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගී සරණිය “හිම හංසියේ” ඒක පුද්ගල සංගීත ප්‍රසංගය 19 අනිද්දා පස්වරු 03 ට ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගායන ශිල්පියාගේ සංගීත දිවියට වසර 35 පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු මෙම ප්‍රසංගයේ ආරාධිත ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සහ නව පරපුරේ ගායන ශිල්පී ක්‍රිස්ටීන් ජේම්ස් මහත්වරුන් සහභාගි වේ. නිවේදක කටයුතු සුමිත් කාරියවසම් ගෙනි.
නිකහැටිකන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහතා මේ වන විට ආඬිඅම්බලම මහා විද්‍යාලයේ සහ මීගමුව අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරුවරයෙකු ලෙස සේවය කරයි.
ගීත රචකයෙකු ද වන ඔහු විශ්ව විභූෂණ කලා කීර්ති සම්මානය, දේශ ගෞරව සම්මානය, දේශකීර්ති සම්මානය සහ දේශබන්දු සම්මානය ආදී ගෞරව සම්මානවලින් පිදුම් ලැබූ අයෙකි. හිම හංසියේ ප්‍රසංගයේදී ඔහු, වීදි කොනේ කඩපිලමත, දෑස නුඹ සොයනා තරම්, ලස්සන හිම හංසියේ, තනි යහන මත එදා, අප්පච්චි, මා හා තනිවී, සිරවෙලාද නුඹ ආලකමන්දාවේ, කළු වලාවකට සැඟවී ගිය සඳසාවි, පුංචි පුංචි මල් හිනැහෙන, දැවෙන හිරුට සමුදී, මල් සූටික්කන්, හේමමාලියේ ආදී ගීත ගණනාවක් ජීවන් අනුරාධ ප්‍රමුඛ “බ්‍රයිට්නස්” “BRIGHTNESS” සංගීත කණ්ඩායම සමඟ ගායනා කරනු ඇත.
නුවන් කොඩිකාර
ජීවිතය ගොඩගන්න වයිෆ් වැඩ අරඹයි
සම්මානනීය වූ “මෝටර් බයිසිකල්” සමඟින් “සිහින නෙළුම් මල්” තිරයට රැගෙන ආ චිත්‍රපට අධ්‍යක්ෂ ශමීර නාඔටුන්න තිර රචනය හා ගේය පද ලියමින් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය “වයිෆ්” චිත්‍රපටයේ වැඩකටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ විය. තරුණ විවාහක යුවළක් වන මාධව සහ නිර්මලාගේ තරඟකාරි ජීවන අරගලයත්, පවුල් දිවියේ ඇතිවන ව්‍යාකූලතා ද, නොබිඳී නොගිලිහී සිය ජීවිත, සෙනෙහස ආදරය පෙරදැරිව පවත්වාගෙන යාමට දරන ඛේදනීය මෙන්ම අනුකම්පාසහගත උත්සාහයේ ඉරණ වයිෆ් සිනමාපටයෙන් දිග හැරෙයි. මාධව හා නිර්මලා ලෙසින් හේමාල් රණසිංහ සමඟින් උදාරී වර්ණකුලසූරිය රංගනයේ යෙදෙන මෙහි දිනෙත් ද සිල්වා, උමා අශේනි, සුලෝචනා වීරසිංහ, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සෙනෙවිරත්න, නෙතලී නානායක්කාර, ප්‍රියන්ත ලලිත්, ටීනා ශනෙල්, රොබෙකා දිල්රුක්ෂි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් දායකව ඇත.වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන “වයිෆ්” කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් සිතුම් සමරජීව, අංග රචනයෙන් බුවණෙක රණවක, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රාල් සෝමපාල, ගීත ගායනයෙන් චිත්‍රාල් සෝමපාල සමඟින් රෝහිත ජයලත් ද, නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඩ් කරුණාරත්න, වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න නිරෝශන හා නිශ්චල ඡායාරූපකරණයෙන් අමල් රෝස් “වයිෆ්” සමඟින් එක්වී සිටී.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ගී ආවර්ජනයක මතක සැමරුම් හෙට
හොරණ ආදි තක්ෂිලා 99 කණ්ඩායම සංවිධානය කරන ගී ආවර්ජනයක මතක සැමරුම් එළඹෙන 18 වැනිදා සවස ශ්‍රී පාලි ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී මනෝජ් පීරිස්ගේ ත්‍රී තාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන ආවර්ජනා ප්‍රසංගයේ විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද ශසිකා නිසංසලා, විශාරද කසුන් කල්හාර ගීතවත් වේ. කථනය කැලුම් ශ්‍රී මාල් ගෙනි.
බහු සංස්කෘතික හා චිත්‍රපට උලෙළ
ශ්‍රී ලාංකේය කතානාද චිත්‍රපටයට වසර 78ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් පිරීමත් නිමිති කොටගෙන බහු සංස්කෘතික සිනමා උලෙළක් පසුගිය 14 වැනිදා සිට 19 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. එසේම ජනවාරි 27 සිට 29 දක්වා මෙම බහු සංස්කෘතික චිත්‍රපට උලෙළ කැලණිය දළුගම චිත්‍රාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සංවත්සරික උත්සවය 21 වැනිදා පස්වරු 03.00ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම උත්සවය ආරාධිතයන්ට පමණක් සීමාවේ.
සිනමාපට ප්‍රදර්ශනය ඉදිරියේදී සිදු වන්නේ මෙහෙමයි.
ජනවාරි 17 ප.ව.04.30, Anatomy Of Fall
(ප්‍රංශය )ජනවාරි 18 ප. ව. 04.30 කෝමාලි කිං, ජනවාරි 19 ප. ව. 04.30, Peepli (Live) (ඉන්දිය හින්දි), ජනවාරි 27 ප. ව. 04.30, ගඟ අද්දර ජනවාරි 28 ප. ව. 04,30, Jigar Thanda, ජනවාරි 29 ප. ව. 04.30, සාරවිට
සින්තටික් හැන්දෑව කෙටි නාට්‍ය උලෙළ 18දා
සින්තටික් හැන්දෑව කෙටි නාට්‍ය උලෙළ එළඹෙන 18 වැනිදා සවස 06.30 ට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය පණිභාරතී රංග ශාලාවේදි වේදිකාගත කිරීමට නියමිතය. එදින කෙටි නාට්‍ය උලෙළේදී දමිත් අලුත්ගමගේගේ Òහෙළපති සුභපති, සුමුදු තෙන්නේආරච්චිගේ කාසි යට ගහක්, ආදිත්‍යය අලුත්ගමගේගේ “ඒක නිල්පාට කාමරයක්” සුමුදු තෙන්නකෝන් ආරච්චිගේ “සුහුරු කිස”යන නාට්‍ය වේදිකාගත කිරීමට නියමිතය.
‘දුම්මල වරම’ ඇල්පිටියේදී
රංජිත් ද අල්විස්ගේ නාට්‍ය නිර්මාණයක් වන ‘දුම්මල වරම’ නාට්‍යයේ තවත් දර්ශන දෙකක් ජනවාරි (24) වන සිකුරාදා ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය රූපා කරුණාතිලක රඟහලේදී ප්‍රදර්ශනය කෙරේ. විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතවත් කරන මෙහි විල්සන් ගුණරත්න, සනත් විමලසිරි, මහින්ද පතිරගේ, මනෝහාරී විමලතුංග ඇතුළු ශිල්පීහු රැසක් චරිත නිරූපණය කරති. මෙම නාට්‍ය දර්ශන වේදිකාගත කරනු ලබන්නේ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ආධාර පිණිස වීමද විශේෂත්වයකි. ඉන්දීවරි පෙරේරා