උතුරු මැද පළාතේ පිටිසරබද ගමක පිරිසක් අගනුවරට පැමිණ ගොඩනැඟිලි ඉදිකිරීම් වැඩබිමක සේවය කළහ. පිරිස අතර සිටි ÒඅමරදාසÓ ÒකපිලÓ ලොකු බාස් උන්නැහේගේ අත්උදව්කරුවාය.
ඔහු Òකුකුල් කේන්තිකාරයකුÓ මෙන්ම උපන් ගෙයි මෝඩයෙකි. කපිල ලොකු බාස් උන්නැහේ ඇතුළු ගෝල පිරිස තේ වේලාවේදී නොයෙකුත් විහිළු තහළු කරගනිති. එහෙත් අමරදාස කිසිවිටෙක එම අල්ලාප සල්ලාපවලට එකතු වූයේවත් හූ මිටි තැබුවේවත් නැත.
එදින තේ වේලාවේදී කපිල ලොකු බාස් උන්නැහේ ඔහු පෙර දින රාත්රියේ දුටු සිහිනයක් විස්තර කළේය.Óමම ඊයේ රෑ මරු හීනයක් දැක්කනේ. අපේ ගමේ වැව පිරිලා ඉතිරිලා වාන් දමනවා. ආශාවේ බැරුවා. අපේ මේ අමරේ අයියගේ හාමිනේ Òකමනි Òනංගි දිය රෙද්දකුත් ඇඳගෙන මාත් එක්ක හරි හරියට රතු නෙළුම් මල් කැඩුවා ගෝනියක්. මේ ඇත්තමයි, අම්මා පල්ලා. ෂා, මරු හීනේ බංÓ
එවිට සියල්ලෝම හඬනඟා සිනහසෙමින් අමරදාස දෙස බැලූහ. ඔහු තරහින් බිම බලාගෙන සිටියේ මුවින් නොබැනය. තේ වේලාවෙන් පසුව පිරිස යළි වැඩ පටන් ගත්හ. පසුව දහවල් කෑම වේලාවට යළි එකතු වූ පිරිසට අමරදාස දැක ගැනීමට නොහැකි විය.
වැඩපොළේ සියලු දෙනාම අමරදාස පිළිබඳ කුතුහලයෙන් පසු වූයේ ඔහු කොහේ අන්තරස්දාන වූයේ දැයි විමසමිනි. පසුදා උදෑසන කපිල ලොකු බාස් උන්නැහේ අමරදාසගේ ගමේ ඔහුගේ නිෙවසට යාබද නිෙවසේ සිටින ÒදිසාÓ මල්ලිට දුරකතනයෙන් කතාකර අමරදාස නිෙවසට ආවාදැයි විමසීය. එවිට දිසා මල්ලි දුන්නේ අපූරු පිළිතුරකි. Òබාස් උන්නැහේ! අමරේ මාමා පාන්දර ගෙදර ආවලු. ආව ගමන්ම ගෑනිගේ කෙස් වැටියෙන් අල්ලාගෙන Òඋඹ මොකද අර කපිලයාට හීනෙන් පෙනුනේ,? ඒ මදිවට දිය රෙද්දකුත් ඇඳගෙන. විළිසංගෙ නැතුව කතා කර කර මලුත් කඩලා. මං අහන්නේ උඹ මොකට ද ඌට හීනෙන් පෙනුනේ.? Ò යැයි අසමින් බිරියට ඉදිමෙනතුරු ගුටි පූජාවක් දුන් බව දිසා මල්ලිගෙන් දැනගත් කපිල බාස් උන්නැහේ ඇතුළු පිරිසÓ අනේ හත්දෙයියනේ. මෙහෙමත් මිනිහෙක්Óයැයි කියමින් කම්මුලේ අත් තබා ගත්තාලු.
කැබිතිගොල්ලෑව විශේෂ – හේමන්ත රණසූරිය