Home » ශ්‍රී ලංකාවට එන්න: ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ආරාධනා

ශ්‍රී ලංකාවට එන්න: ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ආරාධනා

by mahesh
January 17, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ ‘ආයෝජන සැසියේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් චීන ආයෝජකයන්ට ආරාධනා කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේ තෙවන දිනයට සමගාමීව ඊයේ (16) මේ සමුළුව සංවිධාන කර තිබිණි.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ වන විට චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරතව සිටී.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සීමාසහිත සමාගම ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සීමාසහිත සමාගම (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සීමාසහිත සමාගම (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සීමාසහිත සමාගම (China Energy International Group Company Ltd), ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය (The Guangzhou Public Transport Group), හුවාවි (Huawei), බී.වයි. ඩී (BYD Auto) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මේ ආයෝජන සැසියට සහභාගි වූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමාගම් ප්‍රධානීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT