42
ජාත්‍යන්තර පාසලක 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක එම පාසලේ පස්වැනි මහලෙන් වැටී කොළඹ ජාතික රෝහලට පෙරේදා (15) ඇතුළත් කර ඇත.
වත්තල හැඳල පදිංචි මෙම සිසුවිය බිමට නොවැටී පහළ මහලේ සවිකර ඇති ෆයිබර් වහලය මතට වැටීම හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදුව නැති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වත්තල පොලීසිය සඳහන් කළේය.
ඇයට බාහිරින් පෙනීමට තුවාල කිසිවක් නොමැති බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම සිසුවිය පස්වෙනි මහලින් පැන ඇති බවට සැකකරන තොරතුරු ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් වත්තල පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.