Home » මුලතිව් පුදුකුඩිඉරිප්පු අලෙවි මණ්ඩලයේ වී ගබඩාව ගම්වැසියෝ ශුද්ධ පවිත්‍ර කරති

මුලතිව් පුදුකුඩිඉරිප්පු අලෙවි මණ්ඩලයේ වී ගබඩාව ගම්වැසියෝ ශුද්ධ පවිත්‍ර කරති

by mahesh
January 17, 2025 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහය පළකරමින් මුලතිව් පුදුකුඩිඉරිප්පු තිඹිලි ප්‍රදේශයේ වැසියන් සිය ගම්මානයේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ වී ගබඩාව ශුද්ධ පවිත්‍ර කිරීමට පෙරේදා (15) පියවර ගෙන තිබේ.

මෙවර මාස් කන්නයේ වී මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය මෙම ගබඩාවද ප්‍රයෝජනයට ගන්නා බව දැන ගැනීමෙන් පසුව ගම්වාසීන් ඒ පිළිබඳව බලධාරීන්ට ප්‍රකාශ කොට ගබඩව ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

මෙම වී ගබඩාව හා එහි ගොඩනැඟිලි වසර ගණනාවකින් ප්‍රයෝජනයට ගෙන නොමැති අතර අවට ප්‍රදේශවල පිරිස් මේ නිසා එම ගොඩනැඟිලි තුළ රාත්‍රි කාලයට විවිධ සමාජ විරෝධී ක්‍රියාවල නිරතව සිටින බව මුලතිව් පුදුකුඩිඉරිප්පු තිඹිලි ගම්මානයේ වැසියෝ පවසා සිටියහ. මෙම වී ගබඩාව පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයට ගම්මානයේ වැසියෝ 300ක් පමණ දෙනා සහභාගී වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT