Sunday, May 11, 2025
Home » මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් STF අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් STF අත්අඩංගුවට

by mahesh
January 17, 2025 1:00 am 0 comment

දිගාමඬුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල

පොලිස් විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අරුගම්බේ කඳවුරේ නිලධාරීන් විසින් කරන ලද වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල් පොලිස් වසමේ සෙංගමුව ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මෙම ගිනි අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT