Sunday, May 11, 2025
Home » රජපිහිල්ල උද්‍යානය ජනතා අයිතියට

රජපිහිල්ල උද්‍යානය ජනතා අයිතියට

by mahesh
January 17, 2025 1:00 am 0 comment

මාවතගම - ආනන්ද විජේතිලක

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රජපිහිල්ල උද්‍යානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර අද (17) වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණකුලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

කුරුණෑගල රාජධානි සමයේ සිට පැවත එන රජපිහිල්ල තානායම නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලංකාර උද්‍යානයක් බවට පරිවර්තනය කර නගරයට පැමිණෙන ජනතාවට විවේක සුවයෙන් සිටීමට සුදුසු ලෙස නිර්මාණය කර ඇති අතර පෙ.ව.7.00 සිට රාත‍්‍රී 10.00 දක්වා විවෘත කර තැබීමට නියමිත බවත්, කුරුණෑගල මහ නගර සභාව විසින් පාලන කටයුතු සිදුකරන බවත්, නගර සභාව පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT