කතරගම පුදබිම මුල්කොට ගෙන එන බැතිමතුන් අතර මේ වනවිට බටහිර විදෙස් සංචාරකයින් ද පැමිණීම විශේෂත්වයකි.
බෞද්ධ, හින්දු හා මුස්ලිම් ජාතිකයින්ට අයත් සිද්ධස්ථාන එකම පුදබිමක පිහිටීම මත ලෝකයේ එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය ලෙස කතරගම පුදබිම හැඳින්විය හැකිය.
මේ වනවිට ස්කන්ධ කුමාර දෙවියන් ඇදහීමට විදෙස් බැතිමතුන් විශාල ලෙස නැඹුරුවීම දැකීමට තිබේ.
එංගලන්තය, අෙමරිකාව, ජර්මනිය හා ඉන්දියාව යන රටවලට අයත් බැතිමතුන් විශාල ලෙස කතරගම පුදබිම වෙත පැමිණ පුද පූජා තබා දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගෙන කතරගම දෙවියන්ට පමණක් ආවේණික වූ කාවාඩි නටා දෙවියන් පිදීමට මෙම සංචාරකයෝ හුරුව සිටිති.
මෙයට අමතරව මැණික් ගඟේ ජලයේ බැස පා සෝදා ගෙන පැමිණීමට ද මෙම විදෙස් සංචාරකයෝ ප්‍රිය කරති.
කතරගම දේවාලයට අයත් අලි ඇත් ගාලේ සිටින අලි ඇතුන් සඳහා ආහාර ලබා දීමට ද මෙම සංචාරකයන්ට අවස්ථාවක් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් ලබා දී ඇත.