Home » දේශසීමා හරහා සිදුවන අන්තර්ජාල අපරාධ මැඩපැවැත්වීමට චීනය සහ ආසියාන් රටවල් එක්වෙයි

දේශසීමා හරහා සිදුවන අන්තර්ජාල අපරාධ මැඩපැවැත්වීමට චීනය සහ ආසියාන් රටවල් එක්වෙයි

by chanaka
January 18, 2025 2:03 pm 0 comment

මෑතකදී, තායිලන්ත සහ මියන්මාර දේශසීමා ප්‍රදේශවල දරුණු අන්තර්ජාල සූදුව සහ වංචා සිද්ධීන් මාලාවක් සිදුවී ඇති අතර, ඒවා චීනයේ සහ අනෙකුත් රටවල පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් සහ හානියක් වන බවත්, ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.

ඔහු ඊයේ(16) බෙයිජිං නුවරදී ආසියාන් රටවල් 10 ක තානාපතිවරුන් හමුවෙමින් මේ බව සඳහන් කළේ ය. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා, අදාළ රටවල් සිය වගකීම් භාරගෙන, ඒ සඳහා දැඩි පියවර ගනිමින්, අන්තර්ජාල සූදුව සහ වංචා දැඩි ලෙස මර්දනය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේ ය.

සියලු රටවල ජනතාවට සාමකාමී සුරක්ෂිත පරිසරයක් ලබා දීම සඳහා ආසියාන් රටවල් සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නීති බලාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Wang Yi මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT