102
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පල කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව ඊයේ(17) අධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙම නඩුව CA/COC 01/2025 යන අංකය යටතේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.