Home » ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ

by chanaka
January 18, 2025 8:31 am 0 comment

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (17) නියම කළේය.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහි මෙම නඩුව ඊයේ(17) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

අනතුරුව වැඩිදුර විභාගය පෙබරවාරි මස 17වැනිදා දක්වා කල් තැබුණි.

2010 වසරේ ජනවාරි මස මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධය සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.

ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශ වලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT