Home » මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි

මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි

by chanaka
January 18, 2025 8:23 am 0 comment

මස්කෙලිය, මාවුස්සාකැලේ වත්ත ප්‍රදේශයේ ලැයිමක ඇති වූ හදිස්සි ගින්නකින් නිවාස 08කට හානි සිදුව ඇතැයි වාර්තා වේ.

ඊයේ (17) රාත්‍රි 11.30 පමණ මෙම ගින්න හටගත් බව මස්කෙළිය පොලිසිය පවසයි.

නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට වතු කමිකරුවන්,පොලිස් නිලධාරින්‍ සහ මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ භට පිරිස් සමත්වි ඇත.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවි නොමැති අතර, ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වි ඇත.

ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT