ශ්රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙකු සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 37 හා 39 වන කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලීය කෙඩෙට් නිලධාරි පාඨමාලාව, අංක 66, 67 හා 19 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිණියන් අධිකාරියට පත්කිරීම ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.
ඒ ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී ජනවාරි 16 වැනිදා රාත‍්‍රි විසිරයාමේ පෙළපාලියක් ලෙස ඉතා අභිමානවත්ව අයුරිනි.
මෙම කෙඩෙට් නිලධාරින් අධිකාරියට පත්කරනු ලැබු පෙළපාලියේ අණදෙන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් නිරෝෂ සේනාධිර කටයුතු කරනු ලැබු අතර මෙහිදී කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ අංක 37 හා 39 වන කැඩෙට් නිලධාරී පාඨමාලාව, අංක 66 හා 67 වන කැඩෙට් නිලධාරී පාඨමාලාව හා අංක 19 කැඩෙට් නිලධාරී පාඨමාලාවෙහි කැඩෙට් නිළධාරීන්, නිළධාරීනියන් 84 දෙනෙකු අධිකාරියට පත් කරන ලද අතර 66 වන කැඩෙට් නිළධාරි පාඨමාලාවෙහි කැඩෙට් නිලධාරීන් 10 නෙකු හට පියාසර නිල ලාංජන පැළඳවීමද මෙහිදි සිදු කරන ලදී.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී. ලකඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක්ද ඉදිරිපත් කරනු ලැබීය.
මෙම විසිරයාමේ උත්සවය සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් මෙන්ම ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමොඩෝර් අමල් පෙරේරා මහතා ඇතුළු අනෙකුත් ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන් ද යුධ, නාවික සහ පොලීසියේ නිළධාරීන් මෙන්ම ආධුනික කෙඩෙට් නිළධාරී /නිළධාරිණීයන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී විය.
මෙම පාඨමාලාවන්හී සුවිශේෂී දක්ෂතා දැක්වූ කෙඩෙට් නිළධාරී/නිළධාරිණියන් හට විශේෂ සම්මාන ප‍්‍රධානය කරන ලදී.
• දක්ෂතම කෙඩෙට් නිළධාරී – පයිලට් ඔෆිසර් ජේ එම් එස් සාවින්දි
• දක්ෂතම ගුවන් නියමු කෙඩෙට් නිළධාරී – පයිලට් ඔෆිසර් ආර් එම් ජයලත්
• දක්ෂතම පරිපාලන කෙඩෙට් නිළධාරි – පයිලට් ඔෆිසර් ජේ එම් එස් සාවින්දි
• දක්ෂතම පරිපාලන රෙජිමේන්තු කෙඩෙට් නිළධාරී – පයිලට් ඔෆිසර් එම් ඩි ටි මදුවන්ති
• දක්ෂතම ගුවන් මෙහෙයුම් කෙඩෙට් නිළධාරී – පයිලට් ඔෆිසර් ජී පී එස් අ්ස්
• දක්ෂතම සැපයුම් පරිපාලන කෙඩෙට් නිළධාරී පයිලට් ඔෆිසර් ඩී ඩබ් එම් ඩී ටි මුතුතන්ත්‍රී
• දක්ෂතම ගුවන් පියාසර හා තාක්ෂණික පරිපාලන කෙඩෙට් නිළධාරී – පයිලට් ඔෆිසර් එච් එම් කේ ඩි විජේරත්න