Home » පිටරටවල සහායෙන් ලංකාව සංවර්ධනය කරන ආණ්ඩුවේ ගමනට සහාය දෙනවා – සජබ මන්ත්‍රී හර්ෂණ

පිටරටවල සහායෙන් ලංකාව සංවර්ධනය කරන ආණ්ඩුවේ ගමනට සහාය දෙනවා – සජබ මන්ත්‍රී හර්ෂණ

by chanaka
January 18, 2025 8:39 am 0 comment

ජනාධිපති අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයෑම සඳහා විදෙස් රටවල උදව් ලබාගැනීම සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස ඊට සහයෝගය ලබාදෙන අතර ජනාධිපති චීනයට යෑම ගැන සතුටට පත්වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (17 ) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

“ජනාධිපති අනුර දිසානායක මහතා චීන සංචාරයක යෙදිලා තිබෙනවා.

සමගි ජන බලවේගය විශ්වාස කරන නොබැදි පිළිවෙත අනුර දිසානායක මහතා අනුගමනය කිරිම පිළිබඳව සතුටු වෙනවා.

ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතාට දැන් තිබෙන්නේ ලංකාව සංවර්ධනය කරා ගෙන යන්න විදෙස් රටවල උදව් ලබාගන්න. ඒ සඳහා විපක්ෂයක් ලෙස අපි සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල පිළිබඳව අපි සතුටු වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT