Home » රජයේ ගබඩාවලට දෙන සෑම වී කිලෝවටම වැඩිපුර රුපියල් 02ක් දෙන්න තීරණය කරයි

රජයේ ගබඩාවලට දෙන සෑම වී කිලෝවටම වැඩිපුර රුපියල් 02ක් දෙන්න තීරණය කරයි

by chanaka
January 19, 2025 9:40 am 0 comment

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වනවිටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා වී සඳහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT