Home » දිවයිනම ආවරණයවන පරිදි වී ගබඩා පිරිසිදු කිරීමට යුද හමුදා සහාය

දිවයිනම ආවරණයවන පරිදි වී ගබඩා පිරිසිදු කිරීමට යුද හමුදා සහාය

by chanaka
January 19, 2025 9:46 am 0 comment

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌ හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට සහ සුළු අළුත්‌වැඩියාවන්‌ සිදු කිරීමට සිදුව ඇත.

ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්‌වරයාගේ උපදෙස් ප්‍රකාරව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන් විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

එහි සමාරම්භයක් වශයෙන් එනම් ඊයේ (18) ප්‍රදේශ කිහිපයක පිහිටි වී ගබඩාවන් පිරිසිදු කිරීම හා අළුත්වැඩියාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

ජනවාරි මස 18 වැනිදා සිට 27වැනිදා දක්වා මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT