එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිනි අවි ජාවාරම් කරන ලදැයි සැකපිට ටී 56 ගිනි අවියක් හා එම ජීව උණ්ඩ සමඟ සැකපිට අත්අඩංගුවට ගත් වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක සෙබළාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තවත් ටී 56 ගිනි අවියක් සහ මැගසිනයක් සහිත ජීව උණ්ඩ 11ක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම ගිනි අවිය හා උණ්ඩ තොගය මෙම සැකකරු විසින් තවත් පුද්ගලයකුට රුපියල් ලක්ෂ 2ක මුදලකට විකුණා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එය මිලදීගෙන තිබූ වැලිකන්ද අවුරුදු 47ක කාලිංගවිල පදිංචි වෙෙළඳසලක් පවත්වාගෙන යන පුද්ගලයාද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිවිල් ආරක්ෂක සෙබළා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ සබඳතා පවත්වමින් ගිනිඅවි ජාවාරම් කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව වැඩිදුර විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඒ අනුව ඉකුත් 16 වැනි දින වැලිකන්ද, රුහුණුකෙත , ප්‍රදේශයේ නිෙවසේදී සැකකාර සිවිල් ආරක්ෂක සෙබළා ටී. 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 18 ක් සහිත මැගසිනය සමඟ අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසරය මත දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු කළ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් ගිනි අවිය පරික්ෂා කිරීමේදී එහි ගෑස්ටියුබ් කොටසේ පමණක් 07765 ලෙස සටහන්ව ඇති අතර සිසු කොටස් ගයින්ඩර් කර මකා දමා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මෙම ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර කොළඹ ප්‍රදේශයේ හා සෙසු ප්‍රදේශවල වෙඩි තැබීම් සඳහා යොදාගෙන තිබේද යන්න පරීක්ෂා කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.