Home » ගල්කි­ස්සේදී තරු­ණ­ය­කුට වෙඩි තබා මැරූ සැක­කරු අල්ලා ගනී

ගල්කි­ස්සේදී තරු­ණ­ය­කුට වෙඩි තබා මැරූ සැක­කරු අල්ලා ගනී

by damith
January 20, 2025 1:04 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, දෙහි­වල ඩී.බී හේරත්, බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

ගල්කිස්ස පොලිස් වසමේ සිරි­පාල මාවතේ දී බඩෝ­විට පදිංචි 24 හැවි­රිදි තරු­ණ­ය­කුට ඊයේ (19) වෙඩි තබා ඝාත­නය කර යතු­රු­පැ­දි­ය­කින් පලා­ය­මින් සිටි වෙඩි­ක්කරු ගිනි අවිය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සමත්ව ඇත.

මෙම වෙඩි­ක්කරු කොටු­ක­ර­ගෙන ඇත්තේ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාගේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ඔහු පදිංචි නිවෙස අවට ආවේ­ක්ෂණ රාජ­කා­රියේ නිර­තව සිටි පොලිස් නිල­ධා­රි­යෙකි. වෙඩි­ක්කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී එම පොලිස් නිල­ධා­රි­යාට ඔහු වෙඩි තැබී­මට සූදා­නම් වී ඇති බවත් ගිනි අවිය ක්‍රියා­ත්මක නොවී බිම වැටීම හේතු­වෙන් අන­තු­රක් වී නැති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. වෙඩි­ක්කරු 47 හැවි­රිදි වියේ පසු­වන පොල්ග­ස්ඕ­විට පන්ස­ල්වත්තේ පදිංචි ශ්‍රීනාත් ප්‍රනාන්දු නමැ­ත්තෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීති­වේදී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කරනු ලැබුවේ මනුෂ්‍ය ඝාත­න­යක් සම්බ­න්ධ­යෙන් මෙයට පෙර ද ඔහුට එරෙ­හිව චෝදනා ඇති බවය. ඒ හැරු­ණු­කොට මත්කුඩු ජාවා­රම සම්බ­න්ධ­යෙන් ද අවස්ථා කිහි­ප­ය­ක­දීම පොලී­සි­යට ඔහු හසුවී ඇති බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. මෙම වෙඩි තැබී­මට මුල දෙහි­වල, ගල්කිස්ස හා කොහු­වල ආශ්‍රි­තව මත්කුඩු ජාවා­රම සම්බ­න්ධ­යෙන් “කොස්මල්ලී” නමැති මත්කුඩු ජාවා­ර­ම්ක­රුත් “අසංක” නමැති මත්කුඩු ජාවා­ර­ම්ක­රුත් අතර ඇති ගැටු­මක් බව පොලී­සිය සඳ­හන් කරයි. මෙම අප­රා­ධ­ක­රු­වන් දෙදෙ­නාම විදේ­ශ­ග­තව සිටි­මින් සිය ගෝල­බා­ල­යන් යොදා වෙඩි තැබීම් සහ ඝාතන කරන බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

සිරි­පාල මාව­තේදී ඊයේ සිදුවූ වෙඩි තැබී­මෙන් මිය­ගොස් ඇත්තේ බඩෝ­විට පදිංචි සවිදු තරුෂ නමැති 24 හැවි­රිදි වියේ තරු­ණ­යෙකි. වෙඩි තබා ඇත්තේ අසං­කගේ පාර්ශ­ව­යෙන් බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සීය.

යතුරු පැදි­ය­කින් පැමිණි වෙඩි­ක්කරු සිරි­පාල මාව­තේදී වෙඩි තබා පලා­ය­මින් සිට ඇත්තේ අතුරු මාර්ග­යක් ඔස්සේය. දෙහි­වල පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සහ කොස්තා­ප­ල්වරු තිදෙ­නකු පොලිස් ත්‍රීරෝද රථ­යෙන් වරෙ­න්තු­ක­රු­වකු අල්ලා­ගෙන එම අතුරු මාර්ගයේ ගමන් කර­මින් සිට තිබේ. එම අව­ස්ථා­වේදී මාර්ගයේ යම් වාහන තද­බ­ද­යක් තිබී ඇති බවත් වෙඩි­ක්කරු ගමන් කළ යතු­රු­පැ­දිය, පොලිස් ත්‍රීරෝද රථ­යට වෙට්ටු­වක් දමා ඉදි­රි­යට ධාව­නය කරන අව­ස්ථා­වේදී ත්‍රීරෝද රථයේ සිටි පොලිස් රියැ­දුරා යතු­රු­පැ­දි­ක­රුට කෑගසා ඇති බවත් පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. එම අව­ස්ථා­වේදී යතු­රු­පැ­දියේ පසු­පැ­දි­කරු පොලිස් නිල­ධා­රීන් දෙසට හැරී අසභ්‍ය වච­න­යක් කියා ඇති බව සඳ­හන්ය.

මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාගේ නිවෙස පිහිටි ප්‍රදේ­ශයේ ආවේ­ක්ෂණ රාජ­කා­රි­වල නිර­තව සිටින සිවිල් ඇඳු­මින් සිටි පොලිස් නිල­ධා­රියා සිය පෞද්ග­ලික යතු­රු­පැ­දි­යෙන් එම ස්ථාන­යෙන් ඒ වන විට ගමන් කර­මින් සිට ඇත. යතු­රු­පැ­දි­ක­රු­වකු පොලිස් නිල­ධා­රීන්ට අසභ්‍ය වච­න­යක් කිය­මින් බැණ වදි­මින් ගමන් කරන අයුරු නිරී­ක්ෂ­ණය වූ එම නිල­ධා­රියා එම යතු­රු­පැ­දිය පස්සේ පන්නා ගොස් සිය යතු­රු­පැ­දි­යෙන් මග හරස් කර තිබේ. එහිදී යතු­රු­පැ­දියේ පසු­පැ­දි­කරු බිමට බැස ගිනි අවි­යක් අතට ගෙන එය පොලිස් නිල­ධා­රියා දෙසට එල්ල කර ඇති බවත් එහිදී ගිනි අවිය ක්‍රියා­ත්මක නොවී බිම වැටී ඇති බවත් පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. ඒත් එක්කම ත්‍රිරෝද රථයේ සිටි නිල­ධා­රී­න්ටද එම ස්ථාන­යට පැමිණ ගිනි අවිය දිගු­කළ පුද්ග­ල­යාගේ ඇඟට පැන බදා­ගෙන ඇති බවත් ඒ අව­ස්ථා­වේදී යතු­රු­පැ­දි­කරු පලා­ගොස් ඇති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇත්තේ සිරි­පාල මාවතේ වෙඩි­ක්කරු ඔහු බවත් ගිනි අවිය එම වෙඩි තැබී­මට යොදා­ගත් එක බවත්ය. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වැඩි­දුර විම­ර්ශන සඳහා ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යා­ංශ­යට භාරදී තිබේ. යතු­රු­පැ­දි­කරු මෙන්ම මෙම ඝාතන සැල­සුම පිටු­පස සිටින සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඊයේ මෙහෙ­යු­මක් අරඹා තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT