අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කල නාදන් මහතා වාහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනෙවිය පෙරේදා (17) වරෙන්තු නිකුත් කළාය. මෙම වරෙන්තුව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා මඟින් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී අධිකරණය නියෝග කළේය. යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ තොරතුරු නීති විරෝධී අයුරින් ඉන්දියානු නිල නොවන මාධ්‍යයකට මුදා හැරීම සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්ව අඩෙක්කල නාදන් මහතාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි. නඩුව කැඳවන අවස්ථාවේදී චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නිතීඥ සංජීව ගුණරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ තම සේවාදායකයා දකුණු ඉන්දියාවේ පැවැත්වෙන උත්සවයක් සඳහා සහභාගී වී ඇති බවය. කෙසේ වෙතත් චූදිත අධිකරණයේ පෙනී නොසීටීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරිය නඩුව කල් තැබුවාය.
ටෙලෝ නායක අඩෙක්කලනාදන් වහා අල්ලන්න උසාවියෙන් නියෝගයක්
by damith
January 20, 2025 1:03 am
0 comment
අනුරාධපුර අධිකරණ-උපාලි ආනන්ද
53