Sunday, May 11, 2025
Home » ඔක්කොම හරි “එකට කොටා” විතරයි අඩු

ඔක්කොම හරි “එකට කොටා” විතරයි අඩු

by damith
January 20, 2025 1:02 am 0 comment

පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම

මේ කියන්නේ මහ­වැලි එච් 04 කලා­ප­යට අයත් ගම­කින් ඇසුණ කතා­වකි.

ඇය, සුපු­රුදු පරිදි රෙදි සෝද­න්නට වැවට ගියත්, හිටි අඩියේ වැවට ඇද වැටී කකුල කැඩී ගිය අතර කකුලේ වේද­නාව දරා­ගත නොහැකි වූ ඇය මහ හඬින් කෑග­ස­න්නට වූවාය. ඒ කෑගැ­සී­මෙන් අවට අය එක්ව ඇය වහාම රෝහ­ලට රැගෙන ගියහ. දින ගණ­නා­වක් ගියත් තව­මත් සුව­යක් නැති ඇය බැලී­මට රෝහ­ලට ගිය සැමියා විස්සෝ­ප­යෙන් මෙසේ කීවේය.

‘‘ඔය ඉංගි­රීසි බෙහෙ­ත්ව­ලින් වැඩක් නැහැ හාමිනේ. අපි වෙද මහ­ත්ත­යට පෙන්නමු. ගමේ එව්වෝ මට කිය­න්නෙම ඒක කොරපං කිය­ල­මයි ඕං“

‘අනේ මන්දා. මට තේරෙන්නේ නැ. ඔහේගේ කැමැ­ත්තක් කරමු” තම ස්වාමි­යාට සුවච කීකරු ඇය කීවාය. අව­සා­නයේ ඇයව බල­හ­ත්කා­ර­යෙන් ටිකට් කපා­ගෙන රෝහ­ලෙන් ගෙදර එක්ක ගෙන ඒමට සැමියා තීර­ණය කළේය.

නිවෙ­සට පැමිණි දිනට පසු දිනම තම ගමේ දන්නා හඳු­නන පාර­ම්ප­රික වෙද මහ­තකු වෙතට තම බිරිය රැගෙන යන්නට මේ ස්වාමියා කල් මැරුවේ නැත.

වෙද මහ­ත්තයා ලෙඩා බැලු­වේය. අවැසි බෙහෙත් වට්ටෝ­රුව දුන්නේය. ඒවා බඳින ආකා­ර­යද කියා දුන්නේය.

ගමේ අයට හොරෙන් බෙහෙත් ඖෂධ සොය­න්නට සිතූ සැමියා වෙනත් ගමක හිත­ව­ත­කුගේ සහාය පැතීය.

‘බෝ පොතු, කුඹුක් පොතු, දඹ පොතු, කොට කිඹුලා“ ආදි බෙහෙත් වට්ටෝ­රුවේ සියල්ල සෙවූ මුත් එකක් සෙවීම අසී­රුය.

පිට­ගං­කාර මිතුරා මාතලේ සීමාවේ එය තිබෙන බව ඔහුට පැව­සු­වේය. ඒ අනුව දෙදෙ­නාම ත්‍රීවී­ල­ය­කින් මාතලේ ඉස­ව්වට ගියහ.

ඒ අතරේ වෙද මහතා රෝගියා බල­න්නට නි‍ෙව­සට ආවේය.

ලෙඩා එලෙ­සම ය. බෙහෙත් කිසි­වක් බැඳ නැත.

‘මොකද බොලං මේ බෙහෙත් බැන්දේ නැත්තේ? මං ආවේ ගුණ අගුණ බලන්න.“

වෙද මහ­ත්ත­යාට තරහා ගොසිනි. ලෙඩ ඇඳේ දිගා වී සිටි ඇය කට­හඬ අවදි කළේ යට­හත් පහ­ත්වය.

‘අනේ වෙද මහ­ත්තයෝ, බෙහෙත් පංගුවේ තිබුණ හැමෙ­දේම හොයා ගත්තා. එහෙත් ‘එකට කොටා‘ හොයා ගන්න බැරිව අපේ මිනිහා මාත­ලේට ගියා, ඒවා ගේන්න‘ යැයි කීවාය.

උපැස් යුව­ළට යටින් ලෙඩා දිහා බැලූ වෙද මහතා යටි­ගි­රි­යෙන් කෑගැ­සු­වේය.

“අනේ යකෝ ‘එකට කොටා“ කියන්නේ බෙහෙත් ඖෂ­ධ­යක් නෙමෙයි. සියල්ල එකට කොටලා ගන්න කියන එකනේ. තොපි එකට කොටා හොය­න්නයි ඔය ගියේ. අනේ හත්ව­ලාමේ.“

සිදු වූ දේ පිළි­බ­ඳව ඇයට නම් ලැජ්ජාවේ පණ යන්නට වූයේලු. එකට කොටා බෙහෙත් ඖෂ­ධය හොයන්න ගිය සිය ස්වාමියා සහ මිතුරා නිවෙ­සට ආ පසු මේ සිදු­වීම ඔහුට කියන්න ඇය දත මැද­ගෙන සිටි­යාලු. මේ අතරේ ලෙඩා බැලී­මට ආ වෙද මහතා දෙස් දොවොල් තබ­මින් බෙහෙත් කොටා ලෙඩාට බැන්දේලු. මේ සියල්ල දෙස බලා සිටි ගමේ කට­හැ­කර කාන්තා­වක් එදින එළි­වෙ­න්න­ටත් මත්තෙන් ‘එකට කොටා“ ගැන ගමේම ගිනි තිබ්බාලු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT