මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලයේ විමර්ශන අංශ පරිශ්‍රය සිරි හේනේපොළ ගුණරතන නාහිමියන් නමින් විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) සිදු කෙරිණි.
උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, අග්ගමහාපණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන නාහිමියන්ගේ ලෝක ශාසනික සේවාවට සහ ශාස්ත්‍රීය මෙහෙවරට ගරු කිරීමක් ලෙස මෙම නම් කිරීම සිදුකර තිබේ. හේනේපොළ නාහිමියන් විසින් රචිත ග්රන්ථ කිහිපයක් උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් වන අමෙරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් රචිත මහාසංඝරත්යට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
හේනේපොළ නාහිමියන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් පරිවර්තනය කරනු ලැබූ ග්රන්ථ කිහිපයක් ද ඒ අතර විය.
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද, අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කටුගස්තොට උපරතන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක, පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නිහාල් වීරසූරිය, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති ඒ.එම්.ටී.සී. හේරත් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.