Home » මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක මහ­ජන පුස්ත­කාල විම­ර්ශන අංශය සිරි හේනේ­පොළ ගුණ­ර­තන නාහිමි නමින්

මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක මහ­ජන පුස්ත­කාල විම­ර්ශන අංශය සිරි හේනේ­පොළ ගුණ­ර­තන නාහිමි නමින්

by damith
January 20, 2025 1:03 am 0 comment

අසේල කුරු­ළු­වංශ
හේනේ­පොළ නාහි­මි­ සහ ඇත්ක­ඳ­වක සද්ධා­ජීව හිමි­වරුන් විසින් රචිත ග්‍රන්ථ කිහි­ප­යක් සද්ධා­ජීව හිමි­යන් විසින් මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක නියං­ගොඩ ශ්‍රී විජි­ත­සිරි අනු­නා­හි­මි­යන්ට පිළි­ගැන්වූ අයුරු. ඡායා­රූප- රුවන් මීග­ම්මන

මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක මහ­ජන පුස්ත­කා­ලයේ විම­ර්ශන අංශ පරි­ශ්‍රය සිරි හේනේ­පොළ ගුණ­ර­තන නාහි­මි­යන් නමින් විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක ආචාර්ය නියං­ගොඩ ශ්‍රී විජි­ත­සිරි නාහි­මි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (17) සිදු කෙරිණි.

උතුරු අමෙ­රි­කාවේ ප්‍රධාන සංඝ­නා­යක, අග්ග­ම­හා­ප­ණ්ඩිත, ආචාර්ය හේනේ­පොළ ගුණ­ර­තන නාහි­මි­යන්ගේ ලෝක ශාස­නික සේවා­වට සහ ශාස්ත්‍රීය මෙහෙ­ව­රට ගරු කිරී­මක් ලෙස මෙම නම් කිරීම සිදු­කර තිබේ. හේනේ­පොළ නාහි­මි­යන් විසින් රචිත ග්‍රන්ථ කිහි­ප­යක් උන්ව­හ­න්සේගේ ශිෂ්‍ය හිමි­න­මක් වන අමෙ­රි­කාවේ වර්ජි­නියා විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර්ය, ආචාර්ය ඇත්ක­ඳ­වක සද්ධා­ජීව හිමි­යන් විසින් රචිත මහා­සං­ඝ­ර­ත්යට පිළි­ගැ­න්වීම ද මෙහිදී සිදු කෙරිණි.

හේනේ­පොළ නාහි­මි­යන් විසින් ඉංග්‍රීසි භාෂා­වෙන් රචනා කරන ලද ඇත්ක­ඳ­වක සද්ධා­ජීව හිමි­යන් විසින් පරි­ව­ර්ත­නය කරනු ලැබූ ග්‍රන්ථ කිහි­ප­යක් ද ඒ අතර විය.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛ­කා­ධි­කාරි මැද­ගම ධම්මා­නන්ද, අමෙ­රි­කාවේ ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක, වොෂි­න්ටන් විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර්ය කටු­ග­ස්තොට උප­ර­තන නාහි­මි­ව­රුන් ඇතුළු මහා සංඝ­ර­ත්නය ද, ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ, බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර ලේකම් ඉෂාන් විජේ­ති­ලක, පැෆ­රල් සංවි­ධා­නයේ විධා­යක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි­ආ­රච්චි, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීර­සූ­රිය, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහින්ද දිසා­නා­යක, මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක මහ­ජන පුස්ත­කා­ලයේ පුස්ත­කා­ල­යා­ධි­පති ඒ.එම්.ටී.සී. හේරත් මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT