පොරොන්දු වූ පොහොර සහනාධාරයත්, 33% විදුලි බිල අඩු වීමත් නිසියාකාරව දීමට රජයට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25,000ක පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බවත් පසුගිය පාර්ලිමේන්තුවේත් මේ ගැන තමා ප්‍රශ්න කළ බවත් මේ සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයෙන් 40%ක් පමණක් භාවිත කර ඇති බවත් අංගසම්පූර්ණ රු. 25,000 සහනාධාරය හරිහැටි නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (18) ගල්ගමුව සතිපොළ භූමියේ සහ ගිරිබාව ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
මේ වන විට ගොයම් පූදින කාලය බැවින් පොහොර සහනාධාර කඩිනමින් දිය යුතු බවත් එදා සුන්දර වචන භාවිත කරමින් කියූ දේවල් අද කරන්න නොහැකි වී ඇති බවත් කතාව සහ ක්‍රියාව අතර බරපතළ පරතරයක් ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.