ආණ්ඩු බලය ගැනීමට රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.
පලනි දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ පෙරේදා (18) පස්වරුවේ හැටන් නගරයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වත්මන් රටේ පාලකයන් විපක්ෂයේ සිටියදී තමන් බලයට පැමිණි විගස විශාල කාර්යභාරයක් සිදු කරන බවට පවසා ජනතාව මුළා කර රාජ්‍ය බලය ලබාගත් බවත් බලය ගැනීමෙන් පසු මේ රටේ පවතින සහල් මාෆියාව අවසන් කිරීමටවත් වත්මන් පාලකයන්ට නොහැකි වී ඇති බවත්ය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට ලබා දුන්නා වූ පොරොන්දුව, රටේ සම්පත් සොරකම් කළ අය අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට වූ පොරොන්දුව යන ඒවා ඉටු කරනතෙක් විපක්ෂය බලා සිටින බව සඳහන් කළ දිගම්බරම් මහතා වර්තමානයේ ඇතැමුන්ගේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කරමින් ඇති බවත් පැවසීය.