Home » ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරිවෙලා

ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරිවෙලා

පාර්ලි­මේන්තු මන්ත්‍රී පලනි දිග­ම්බ­රම්

by damith
January 20, 2025 1:03 am 0 comment

හැටන් - රංජිත් රාජ­පක්ෂ

ආණ්ඩු බලය ගැනී­මට රටේ ජන­තා­වට දුන් පොරොන්දු ඉටු කිරී­මට වත්මන් රජය අපො­හො­සත් වී ඇති බව දමිළ ප්‍රග­ති­ශීලී සන්ධා­නයේ නියෝජ්‍ය නායක පාර්ලි­මේන්තු මන්ත්‍රී පලනි දිග­ම්බ­රම් මහතා පැව­සීය.

පලනි දිග­ම්බ­රම් මහතා මේ බව කියා සිටියේ පෙරේදා (18) පස්ව­රුවේ හැටන් නග­ර­යේදී මාධ්‍ය­යට විශේෂ ප්‍රකා­ශ­යක් කර­මිනි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පලනි දිග­ම්බ­රම් මහතා කියා සිටියේ වත්මන් රටේ පාල­ක­යන් විප­ක්ෂයේ සිටි­යදී තමන් බල­යට පැමිණි විගස විශාල කාර්ය­භා­ර­යක් සිදු කරන බවට පවසා ජන­තාව මුළා කර රාජ්‍ය බලය ලබා­ගත් බවත් බලය ගැනී­මෙන් පසු මේ රටේ පව­තින සහල් මාෆි­යාව අව­සන් කිරී­ම­ට­වත් වත්මන් පාල­ක­යන්ට නොහැකි වී ඇති බවත්ය.

රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් වැඩි කරන බවට ලබා දුන්නා වූ පොරො­න්දුව, රටේ සම්පත් සොර­කම් කළ අය අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කරන බවට වූ පොරො­න්දුව යන ඒවා ඉටු කර­න­තෙක් විප­ක්ෂය බලා සිටින බව සඳ­හන් කළ දිග­ම්බ­රම් මහතා වර්ත­මා­නයේ ඇතැ­මුන්ගේ ක්‍රියා­ක­ලා­පය ප්‍රති­ක්ෂේප කර­මින් ඇති බවත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT