Home » කාන්තා­වක් මෙහෙ­ය­වූ කොල්ල කල්ලි­යක් අත්අ­ඩං­ගු­වට
බොරු පිස්තෝල පෙන්වා බිය වද්දවා කෝටි පහ­කට අධික රන් භාණ්ඩ කොල්ල­කාලා:

කාන්තා­වක් මෙහෙ­ය­වූ කොල්ල කල්ලි­යක් අත්අ­ඩං­ගු­වට

by damith
January 20, 2025 1:20 am 0 comment

මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර

දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල ලැගු­ම්හ­ල්වල නවා­තැන් ගනි­මින් රාත්‍රී කාලයේ සූක්ෂ්ම ලෙස නිවෙ­ස්ව­ලට ඇතුළු වී ව්‍යාජ පිස්තෝල පෙන්වා බිය ගන්ව­මින් කොල්ල­කන ලද රුපි­යල් කෝටි පහ­කට අධික රන් භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සමඟ කාන්තා­වක් විසින් මෙහෙ­ය­වන ලද කොල්ල කල්ලි­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට වෙන්න­ප්පුව පොලී­සිය සමත්ව ඇත.

වෙන්න­ප්පුව පොලිස් වස­මට අයත් නිවාස රැසක කොල්ල­කෑම් සම්බ­න්ධව පොලී­සි­යට සිදු කළ පැමි­ණිලි සැල­කි­ල්ලට ගෙන සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් පසු මෙම පිරිස අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­කර ඇත.

වයස අවු­රුදු 36 ක් වූ ප්‍රධාන සැක­කාර කාන්තාව, වයස අවු­රුදු 22ක් වූ ඇයගේ සැමියා, කාන්තා­වගේ සහෝ­ද­ර­යන් දෙදෙ­නෙක් හා සැමි­යාගේ මිතු­රකු ඇතුළු පස් දෙනෙක් මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට පත් යුවළ හා සැක­ක­රු­වන් මතු­ගම ප්‍රදේ­ශයේ පදිංචි අය වෙති.

රන් මාල, මුදු, කරාඹු, වළලු ඇතුළු පවුම් විසි පහ­කට අධික රන් භාණ්ඩ, වටිනා ලැප්ටොප්, අත් ඔර­ලෝසු, ජංගම දුර­ක­තන , මුදල් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් මෙසේ සොරා­ගෙන ඇති භාණ්ඩ අතර වේ.

කොල්ල­කන ලද රන් ආභ­රණ විශාල ප්‍රමා­ණ­යක් උකස් මධ්‍ය­ස්ථා­න­ව­ලට උකස් කර තිබේ. කොල්ල කල්ලියේ ප්‍රධාන සැක­කා­රි­යගේ සැමියා අධික ලෙස මත්කු­ඩු­ව­ලට ඇබ්බැහි වී ඇති බවත්, ඔහුට දින­කට මත්ද්‍රව්‍ය සඳහා රුපි­යල් 30,000 – 40,000 ත් අතර මුද­ලක් වැය වන බව ද පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

මෙසේ නිවෙ­ස්ව­ලින් කොල්ල­කන ලද මුදල් විශාල ප්‍රමා­ණ­යක් මත්කුඩු භාවි­තය සඳහා ඔහු යොදා­ගෙන ඇති බව මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළිවී තිබේ. එම සැක­ක­රුට එරෙ­හිව අධි­ක­ර­ණ­යෙන් නඩු දහ­තු­නක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව ද පොලී­සිය පව­සයි.

වෙන්න­ප්පුව පොලිස් වස­මට අයත් වයි­ක්කාල ප්‍රදේ­ශයේ නීති­ඥ­ව­ර­යකු හා ඇයගේ මව ජීව­ත්වන නිවෙ­සට මෙම සොර කණ්ඩා­යම ඇතුළු වී ව්‍යාජ පිස්තෝල පෙන්වා ඔවුන්ගේ දෑත් බැඳ රුපි­යල් ලක්ෂ එකො­ළ­හ­කට අධික රන් භාණ්ඩ හා වටිනා භාණ්ඩ සොරා ගැනීම, මාර­විල පොලිස් වසමේ නිවෙස් හත­ර­කින් රුපි­යල් ලක්ෂ හත­ළි­හ­කට අධික රන් භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරා ගැනීම ඇතුළු පුත්ත­ලම සිට මාතර දක්වා ප්‍රදේශ රැසක නිවෙස් විසි පහක් බිඳ කොල්ල­කෑම් සිදු කර ඇති බවද පොලී­සිය විසින් සිදු කරන ලද විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

මාර­විල පොලිස් වස­මට අයත් ලැගු­ම්හ­ලක ඔවුන් ලැගුම් ගෙන සිටි බවට අනා­ව­ර­ණය වීමෙන් පසු එම ලැගු­ම්හ­ලෙන් ලබා­ගත් ලිපි­න­යන් ඔස්සේ සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­ව­ලින් අන­තු­රුව මෙම කොල්ල කල්ලිය අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT