ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් අසරණ දරු පවුලකට නිවෙසක් සාදා පරිත්‍යාග කිරීම ඉකුත් දින සිදු කෙරිණ.
දොම්පේ ප්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහතාගේ උපදෙස් මත සමාජ සේවා නිලධාරී සුමුදු ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද නව නිවහනේ හිමිකරුවන් වූයේ, ඩබ්ලිව්. තිලකරත්න මහතා හා ඔහුගේ ආබාධිත දරුවාය. ස්ථිර නිවහනක් නොමැතිව ඉටිකොළවලින් අසුරන ලද කුඩා නිවෙසක ජීවත් වූ මෙම අසරණයන් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් ඉදිකරන ලද මෙම නව නිවහන රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනාකමකින් යුක්ත වේ. ප්‍රදේශවාසීන්ගේ ද ශ්‍රම දායකත්වය ඇතිව ඉදිකරන ලද මෙම නව නිවහන සඳහා වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබා දී තිබිණ.