Home » සා. සෙබ­ස්ති­යන් බාලිකා විදු­හලේ නෙස­ඳිට නව නිපැ­යුම් රිදී පද­ක්ක­මක්

සා. සෙබ­ස්ති­යන් බාලිකා විදු­හලේ නෙස­ඳිට නව නිපැ­යුම් රිදී පද­ක්ක­මක්

by damith
January 20, 2025 1:03 am 0 comment

තක්ෂිලා උද­යං­ගනී

ශ්‍රී ලංකා විද්‍යා­භි­ව­ර්ධන සංග­මය (SLAAS) සහ ශ්‍රී ලංකා නව නිපැ­යු­ම්ක­රු­වන්ගේ කොමි­සම (SLIC) ඒකා­බ­ද්ධව සංවි­ධා­නය කළ සමස්ත ලංකා පාසල් නව නිපැ­යුම් තර­ගය සඳහා ස්වයං­ක්‍රීය විදුලි උඳු­නක් ඉදි­රි­පත් කර­මින් දෙවන ස්ථානය දිනා රිදී පද­ක්කම හිමි­කර ගැනී­මට කඳාන සා. සෙබ­ස්ති­යන් බාලිකා මහා විද්‍යා­ලයේ 7 ශ්‍රේණියේ ටී. නෙසඳි නිහංසා රාජ­මාන්න සිසු­විය සමත් වූවාය. මෙම තර­ගය ඉකුත් 2024 වසරේ දෙසැ­ම්බර් මස 11,12 දෙදින තුළ කොළඹ විශ්ව­වි­ද්‍යාල විද්‍යා පීඨ පරි­ශ්‍රයේ දී පැවැ­ත්විණි. ආහාර පිසීමේ දී ළිප ස්වයං­ක්‍රී­යව ක්‍රියා­ත්මක වීමත්, අව­සන් වූ පසු ස්වයං­ක්‍රී­යව ක්‍රියා­වි­ර­හිත වීමත් මෙම ස්වයං­ක්‍රීය විදුලි උඳු­නෙහි විශේ­ෂ­ත්ව­යයි. පාසලේ විදු­හ­ල්ප­තිනී, සජිනි සිල්වා මහ­ත්මි­යගේ උප­දෙස් පරිදි පාසලේ නව නිපැ­යුම් සංග­මයේ නෙත්මිණී සහ චමෝ­දනී ගුරු මහ­ත්මීන්ගේ මඟ­පෙ­න්වීම යටතේ ඇය මෙම නිර්මා­ණය නිප­දවා තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT