Home » ත්‍රස්ත විරෝධී පනත ගැන අද පාර්ලිමේන්තුවේ දී කතාබහක්

ත්‍රස්ත විරෝධී පනත ගැන අද පාර්ලිමේන්තුවේ දී කතාබහක්

by yasara
January 21, 2025 12:52 pm 0 comment

නව පනතක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසයි.

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවද සභානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු.ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT