Saturday, May 3, 2025
Home » විදුලි බිල අඩු වීම නිසා භාණ්ඩ මිල 5% – 10% ත් අගයකින් පහළට

විදුලි බිල අඩු වීම නිසා භාණ්ඩ මිල 5% – 10% ත් අගයකින් පහළට

by chanaka
January 21, 2025 2:03 pm 0 comment

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල30%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් කටයුතු කළ බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

මේ අනුව ඊයේ (20දා) සිට නිෂ්පාදනය කරන භාණ්ඩවලට අදාළ විදුලි පරිවැය අඩු වී තිබෙන බවත්, එහි වාසිය ලෙස භාණ්ඩ මිල 5%ත් 10%ත් අතර මුදලකින් අඩු වන බවද පැවසීය.

මේ ආකාරයට නිෂ්පාදනය කරන භාණ්ඩ සති දෙකක් පමණ වන විට වෙළෙඳ පොළට නිකුත් වන බවත්, මේ අනුව අදාළ සහනය ජනතාවට හිමිවන බවද කියා සිටියේය.

මීට අමතරව කොණ්ඩා කැපීම, වාහන පිරිසිදු කිරීම වැනි සේවා සැපයීම්වල ගාස්තුව පවා ක්‍රමානුකූලව අඩු වන බවත්, විදුලි ගාස්තු අඩු කිරීම තුළින් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබී තිබෙන බවද සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT