Saturday, May 10, 2025
Home » ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි

by chanaka
January 21, 2025 9:03 am 0 comment

රටේ ආර්ථිකය අඛණ්ඩ වර්ධනයේ රඳවා ගන්නා බව චීනය ප්‍රකාශ කරයි.

2024 වසරේ චීන ආර්ථිකය 5%කින් වර්ධනය විය. මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥ Pierre Olivier Gourinchas මහතා කියා සිටියේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාව ඉක්මවා යාමක් බවයි. සිය සංවිධානය 2025 හා 2026 යන වසර දෙකේ චීන ආර්ථික වර්ධනය පිළිබඳ අපේක්ෂාවන් ඉහළ දමා ඇතැයි ද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊයේ (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා ය. 2024 වසරේ චීනයේ සමස්ත ආර්ථික ධාරිතාව චීන යුවන් ට්‍රිලියන 130 ඉක්මවා ගිය බවත්, එම වසරේ චීන ආර්ථික වර්ධන ධාරිතාව මධ්‍ය ආදායම්ලාභී රටක වාර්ෂික ආර්ථික ධාරිතාව හා සමාන බවත්, ඇය එහිදී කියා සිටියා ය. එමගින් චීන ආර්ථික වර්ධනයේ නම්‍යශීලිත්වය හා විභවය පෙන්නුම් කෙරේ. චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථිකය අඛණ්ඩ වර්ධනයේ රඳවා ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT