Home » පොළොන්නරු – මනම්පිටි දුම්රිය නවතී

පොළොන්නරු – මනම්පිටි දුම්රිය නවතී

by chanaka
January 21, 2025 12:18 pm 0 comment

පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදෑසන සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 19වැනිදා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කෙරිණි.

ජලය බැසයාම හේතුවෙන් පොලිසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සදහා අද උදෑසන සිට විවෘත කිරීමත් සමග පොළොන්නරුව – මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT