Home » වර්ෂාවෙන් මරු කටක් විවර වෙයි

වර්ෂාවෙන් මරු කටක් විවර වෙයි

by chanaka
January 21, 2025 1:34 pm 0 comment

පැවැති අධික වර්ෂාව හේතුවෙන් මැදවච්චිය, පොඩි ලයිට්පාර ප්‍රදේශයේ ගම්මානය හරහා පිහිටි එකම පාලම දැඩි ලෙස අබලන් වී ඇති බවත් එය කඩිනමින් ප්‍රතිසංස්කරණයකර දෙන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ගම්වාසීහු පවසති.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 68 නැගෙනහිර පිහිටි හොරෝවිපොතාන මාර්ගයේ මෙම නව ලයිට්පාර ගම්මානය පිහිටා ඇත.

එහි පාලම අබලන් වීම හේතුවෙන් ගම්මානයේ පවුල් 20 කට ආසන්න සංඛ්‍යාවකගේ ජන ජීවිතවලට දෛනික කාර්යයන් ඉටුකර ගැනීමේදී දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇත.

පාසල් සිසුන්, රාජ්‍ය සේවකයින්, රෝගින්, වැඩි හිටි ප්‍රජාව මෙන්ම රථ වාහන හිමිකරුවන් මෙයින් දැඩිව පීඩාවට පත්ව ඇත.

ඒ අනුව නැවත වර්ෂාව වැඩි වුවහොත් මෙම පවුල් කිහිපය හුදකලා වන බවද ගම්වාසීහු පවසති. එ පිළිබඳ අදාල ආයතනය දැණුවත් කළඳ එයට නිසි විසදුමක් ලබා දී නොමැති බවත් මේ ගැටලුව පිළිබද සොයා බලා කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසත් බලධාරින්ගෙන් එම පිරිස ඉල්ලා සිටි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT