Home » දිවයිනපුරා වී ගබඩා පිරිසිදු කිරීම් තවදුරටත්

දිවයිනපුරා වී ගබඩා පිරිසිදු කිරීම් තවදුරටත්

by chanaka
January 21, 2025 1:59 pm 0 comment

දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතු ගබඩා තුළ වී තොග ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇති අතර, එම ගබඩාවන් හා ඒ අවට භූමි ප්‍රදේශ දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන් භාවිතයට සුදුසු අයුරින් පිළිසකර කිරීමට සහ යථාතත්වයට පත් කිරීමට සිදුව ඇත.

එම ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්ෂක අංශ සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්තූමාගේ උපදෙස් ප්‍රකාරව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ මඟ පෙන්වීම යටතේ 2025 ජනවාරි මස 19 සහ 20 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණය යටතේ දිවයින පුරා එම පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සිදුකිරීමට යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.

ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක් , ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි යටතේ ඇති වී ගබඩා 10ක් , ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක් , ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කිරීමට යුද්ධ හමුදාව කටයුතු කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT