Home » ශ්‍රීලන්කන්-ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජනසතු සේවා එල්ලේ ශූරතා දිනයි

ශ්‍රීලන්කන්-ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජනසතු සේවා එල්ලේ ශූරතා දිනයි

by sachintha
January 21, 2025 1:22 am 0 comment

ජනසතු සේවා එල්ලේ සංගමය සංවිධාන කළ පිළිමලුන් පිටුදැකීමේ එල්ලේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රීලන්කන් ගුවන් සමාගම් කණ්ඩායම දිනාගත් අතර, ‘බී’ කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි විය.

‘ඒ’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස චමෝද් තරංග අත්තනායක සහ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස ඔසාන් ජයසිංහ සම්මාන දිනාගත් අතර, ‘බී’ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා හා වැඩිම උඩපන්දු ලබාගත් ක්‍රීඩකයා ලෙස රුවන් පාලිත කුමාර හා වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස එස්.ඩී. නිරෝෂන් සම්මාන ලැබූහ.

ලංකා බැංකුවේ සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අනුග්‍රහය ඇතිව වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ ශූරතාව ලේක්හවුස් කණ්ඩායමට හිමිවූ අතර, අනුශූරතාව දිනා ගත්තේ ලංකා බැංකු කණ්ඩායමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT