Sunday, May 11, 2025
Home » අපි සාමාන්‍ය අය වෙමු!

අපි සාමාන්‍ය අය වෙමු!

by Gayan Abeykoon
January 22, 2025 1:30 am 0 comment

භවය තරණය කිරීමටත්
දෙවියන්ට ළං වීමටත්
අපට නොහැකිය
මන්ද
අප සාමාන්‍ය අය වෙමු
පෙර භවයේදි
කුසල් අකුසල් කළාදෝ
නොදනිමු
මේ භවයේ තාත්විකව ජීවත්වෙන
අප සාමාන්‍ය අය වෙමු
පරම ආත්මයද, පරිශුද්ධ ආත්මයද
නැකැත් නොනැකැත් ද
නොදත් අප
කුසගිනි නම් ආත්මය පමණක් දනිමු
ස්වර්ගය, නිරය නොදනිමු
ස්වභාධර්මය නම් ස්වර්ගය දන්නා
භක්ති මග ශක්ති මග කළ
රහත් වන මග නොව
සමානාත්මක මග දන්නා
අප සාමාන්‍ය අය වෙමු
පූර්වාදර්ශී ප්‍රතිරූප
යක්‍ෂ ප්‍රේතයන්
යන්ත්‍ර, මන්ත්‍ර නොව
නිදහස පමණක් දන්න
අප සාමාන්‍ය අය වෙමු
මේ ලෝ තලයේ
ජීවිතය ස්වභාවිකය
ස්ථීර නොවන වග කිසිවක්
අප හොඳින් දන්නෙමු
ඒ හරය තුළ පිහිටා
මායාව තුළ ගිලී
දුක් විඳිනා
මාතෘ භූමිය
ගලවා ගැනීමට පෙළ ගැසෙන
අප සාමාන්‍ය අය වෙමු
සටන් කරුවන් වෙමු
ඒ. ඩබ් අබ්දුල් අසීස්

(පොන්නියම් සෙල්වකුමාර්ගේ “සාමාන්‍යර්ගල්” කාව්‍ය නිර්මාණයේ සිංහල අනුවාදයකි.“විත්තියාසකර්” කවි එකතුවෙන් උපුටා ගන්නා ලදී.)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT