ලෝක පූජිත සිනමාකරු ඩේවිඩ් ලින්ච් ඉකුත් සතියේ මෙලොව හැර ගියේ ය. 2025 ජනවාරි 15 වන දින ඔහු මිය යන විට 80 වැනි විය සම්පූර්ණ කිරීමට ඉතිරිව තිබුණේ තවත් දින 5ක් පමණකි. පශ්චාත් නූතනවාදී කතිකාවට ඔහුගේ චිත්‍රපට ඇසුරින් ලැබුණු දායකත්වය අතිමහත් ය. Hasan Gürkan ගේ Pos t modernism and Cinema: Pos t modern Discourse In The Movie Of David Lynchs “Blue Velvet” නමැති පර්යේෂණ පත්‍රිකාවේ නිගමනයේ දල සාරාංශය පහත පරිදි ය.
පශ්චාත් නූතන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ඩේවිඩ් ලින්ච් විශේෂයෙන්ම ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔහුගේම චිත්‍රපටවල විෂය කරගනියි. ‘බ්ලු වෙල්වට්’ චිත්‍රපටයෙන් නිදසුනක් ගතහොත් එහි අතීතය සහ වර්තමානය අතර දේශසීමා බොඳ ය. ආමන්ත්‍රණය කරන ලද ප්‍රශ්නය බාධාවකින් තොරව සිසාරා ගමන් කරයි.
වත්මන් චිත්‍රපටය ආරම්භ වන්නේ එහි පසුබිම වසර පනහකට පෙර විය යුතු බවට ප්‍රේක්ෂකයින්ට විශ්වාස කිරීමට තුඩුදීමෙනි. හදිසියේම 1940 ගණන්වල, 1950 ගණන්වල, 1960 ගණන්වල සහ 1980 ගණන්වල පවා පාර දිගේ යන මෝටර් රථ හමුවෙයි. පාසල් සිසුන් විවිධ කාල වකවානුවලට අයත් නිල ඇඳුම් ඇඳගෙන සිටියි. මේ අයුරින් අතීතය හා වර්තමානය යනු කාල මිශ්‍රණයකි.
ලින්ච් විසින් ප්‍රේක්ෂකයින් වෙත ලිංගික ප්‍රචණ්ඩත්වය, පරපීඩා සහ ස්වපීඩා කාමුකත්වය එකම පුද්ගලයකු තුළවීම, වනචරත්වය, ගෙන එයි. වනචාරි ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය පශ්චාත් නූතන යුගයේ නිදහස සහ ස්වයං ප්‍රකාශනය පිළිඹිබු කරයි. කාන්තාවන් ලිංගික වස්තුවක් ලෙස සලකනු ලබන අතර ඔවුන් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය කෙරෙයි.
චිත්‍රපටයේ හරිත තණකොළවලින් පිරුණු පිටියකි. එහි අසාමාන්‍ය ප්‍රමාණයේ මකුණන් සැරිසරයි. ටික වේලාවකට පසු, කුණුවී ඕජස් ගලන කනක සමීප රූපයකි. එහි අභ්‍යන්තරයෙන් ලිංගික ප්‍රමෝදයක කෑගැසීමකි (ඩොරති සහ ෆ්‍රෑන්ක්), ම්ලේච්ඡත්වය (ජෙෆ්රිට පහර දීම), ප්‍රචණ්ඩත්වය (කන කැපීම, මිනීමැරුම්) යනාදිය චිත්‍රපටයේ නිරූපිත ය. මෙම චිත්‍රපටයේ අතීතය සහ වර්තමානය එක මොහොතක සජීවී කරවන අතර, එය එක් අතකට නොස්ටැල්ජියානු සටනකි.
චිත්‍රපටයේ ආරක්ෂිත සහ අනාරක්ෂිත ලෙස මෙම නොස්ටැල්ජිකභාවය දෙයාකාරයකට ගෙන එයි. චිත්‍රපටයේ මුල් කොටසේ 1940 ගණන්වල අෙමරිකාව මෙහි නිරූපණය කර ඇති බව පෙනේ. ප්‍රීතිමත් වාතාවරණයක්, පැහැදිලි අහසක්, වර්ණවත් භූ දර්ශන, සියල්ල හොඳින් සිදුවන බවට ඇඟවුමක් තිබේ. රොක් ඇන්ඩ් රෝල් ශබ්දය ඇසෙනු ඇති අතර පැරණි ලෝකයට අයත් ගී ඇසෙන අතරතුර ප්‍රේක්ෂකයින් ඉන්දියානු ප්‍රේක්ෂකයින් මෙන් අතීතකාමයට ඇදී යයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ලිංගික විපරීතභාවයේ දර්ශන සමාජයේ කේන්ද්‍රය දක්වා ළඟා වන තුරු ඒවායේ මායිම්, කුඩා ගම්මාන සහ මධ්‍යම-පහළ පන්තියේ අමෙරිකානු ජනතාව ආරක්ෂිතව හා ගෞරවාන්විතව ජීවත්වෙමින් සිටියි. චිත්‍රපටිය ජනප්‍රිය සංස්කෘතියෙන් සහ කලා කෘතිවලින් පෝෂණය වන අතර ඒවා අන්තර් වියමන් මත පදනම්ව ප්‍රේක්ෂකයින් සමඟ බෙදා ගනී. ඊට අමතරව එය වත්මන් සමාජ පද්ධතියේ විරුද්ධත්වය නියෝජනය කරයි.