බෙන්තොට සිට මහ ඌරගහ හරහා ඌරගස්මංහන්දිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මොරගොඩ කළුගල් ඇළ පාලම දැඩිසේ අබලන්වීම නිසා කුමන මොහොතක හෝ බරපතළ අනතුරක් සිදුවිය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ÒබීÓ ශ්‍රේණියේ මාර්ගයක් වූ මෙම මාර්ගය 2002 වසරේදී සුවිශාල වියදමක් දරා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කාපට් කර ප්‍රතිසංස්කරණය කළත් කළුගල් ඇළ හරහා ඉදිකර ඇති මෙම පටු පාලම ප්‍රතිසංස්කරණය නොකළ අතර එහි ආරක්ෂිත ඇඳි පමණක් පිළිසකර කෙරිණි.
මගී බස්රථ ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් දිනකට මෙම පාලම මතින් ගමන් කරයි.වාහන ගමන් කරන විට පාලම දෙදරුම් කෑමට ලක්වන අතර පාලමේ යටි පැත්තේ ඇති විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් බාල්ක පුපුරා ගොස් ඒවායේ ඇතුළත ඇති යකඩ කම්බි මතුවී තිබේ.
පාලමේ අත්තිවාරම් ඉරිතළා පුපුරා ගොසිනි. පාලම මතද තැනින් තැන සිදුරු වී තිබේ.
මාර්ගයේ පළලට කිසිසේත් නොගැළපෙන මෙම පටු පාලම කඩාවැටී අනතුරකට ලක්වීමට පෙර ප්‍රතිසංස්කරණය කිරීම හෝ මෙතැනට නව පාලමක් ඉදිකර දෙනමෙන් ප්‍රදේශවාසීහු දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටිති.
චන්දන නිශාන්ත මහතා :
මේ මාර්ගය රුපියල් කෝටි ගාණක් වැයකර හැදුවා. ඒත් මේ පාලම හැදුවේ නැහැ. පාලම මතින් වාහන යනවිට පාලම දෙදරනවා. පාලමේ යට කොන්ක්‍රීට් ආධාරක පුපුරලා. කුමන මොහොතක හෝ ලොකු අනතුරක් වෙන්න පුළුවන්.
විමල් ශාන්ත අල්විස් මහතා :
මේ පාලම හදා දෙන්න කියා අපි වසර ගණනාවක් තිස්සේ වගකිවයුත්තන්ට විවිධාකාර ලෙස කිවුවා.ඒත් වැඩක් වුණේ නෑ.මේ පාරෙ දවසකට මගී ප්‍රවාහන බස්,බඩු ගෙන යන ලොරි ඇතුළු වාහන විශාල ගණනක් එහා මෙහා යනවා. මේ මාර්ගය ආසන්නයේ පාසල් පහක් පමණ තියෙනවා.මේ පාලම හදා දෙන්න කියා අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඌරගස්මංහන්දිය සමූහ -අයි. ජයරත්න,
බෙන්තොට විශේෂ – එස්. මද්දෙවිතාන
පින්තූර
1.කළුගල් ඇළ පටු පාලම
2.පාලම යටි පැත්තේ කොන්ක්‍රීට් බාල්ක සහ අත්තිවාරම් පුපුරා ඇති අයුරු.
3. විමල් ශාන්ත අල්විස් මහතා
4. චන්දන නිශාන්ත මහතා
ජනතා මණ්ඩපය පුවත පලදරයි
යාගොඩ කසළ ඉවත් කරයි
යාගොඩ දුම්රිය ස්ථානය අසලින් ඇති විතානගේ මාවතට කුණු බැහැර කිරීම පිළිබඳ පසුගිය සතියේ ජනතා මණ්ඩපය විශේෂාංගයේ පළ වූ අතර එම පුවත පළ වීමෙන් පසු බලධාරින්ගේ අවධානය මේ කෙරෙහි යොමුවූ අතර කසළ ඉවත් කර නැවත කසළ බැහැර නොකරන ලෙස නිල පුවරුවක්ද සවි කිරීමට කටයුතු කර තිබේ.
පොල් මිල පහළ දමන ක්‍රමයක්
ඉහළ යන පොල් මිලට විසඳුමක් සොයමු
වසරකට දළ වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල්ගෙඩි මිලියන 160ක් පමණ නිෂ්පාදනය වන බව කළ විමසුමේ දී පොල් ඉඩම් හිමියෝ ප්‍රකාශ කර සිටිති. ඉන් සියයට70ක් පමණ කර්මාන්ත සඳහා (DC) යනුවෙන් දිස්ත්‍රික්කයෙන් පිටතට ලොරි ගණන් පිටවන බවත් ඔවුහු පවසති. එබැවින් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට ඵක්කරන පොල්ගෙඩි ප්‍රමාණයේ අඩුවක් පවතින හෙයින් පොල් මිල ද ඉහළ යන බව අදාළ බලධාරීහු පෙන්වා දෙති. මෙයට නිසි වැඩපිළිවෙළක් අවැසි බව පොල්වගා කිරීමේ මණ්ඩලයේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී නිලධාරි මහතුන් ප්‍රකාශ කළ බව කියති. පාරිභෝගිකයාට පොල් අඩු මිලට ගත හැකි අයුරින් කටයුතු කරන ලෙස ජනතාව වගකිව යුතු රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
උෟරගස්මන් හන්දිය සමූහ
අයි. ජයරත්න
බෙන්තොට සමූහ
එස්. මද්දෙවිතාන