Home » ගල්ඔයට යටවූ කුඹුරු අක්කර 1000ක් බේරිලා

ගල්ඔයට යටවූ කුඹුරු අක්කර 1000ක් බේරිලා

-නියෝජ්‍ය ඇමැති සුසිල් රණසිංහ

by sachintha
January 22, 2025 1:14 am 0 comment

ගල්ඔය ආශ්‍රිතව අම්පාරේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බවත්, අක්කර 1000ක වතුර බැස කුඹුරු බේරි ඇතත් මේ වන විටත් වතුර බැස යාමේ අඩුවක් තිබෙන බව පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT