Home » ජනපති විතරක් ක්ලීන් වුණාට වැඩක් නෑ

ජනපති විතරක් ක්ලීන් වුණාට වැඩක් නෑ

-මන්ත්‍රී චාමර සම්පත් දසනායක

by sachintha
January 22, 2025 1:15 am 0 comment

අදාළ තනතුරුවලට නිසි නිලධාරීන් පත් නොකිරීම නිසා ජනාධිපතිවරයා කොතරම් ක්ලීන් වුණත් වැඩක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. නත්තලට ලයිට්, ඩ්‍රෝන සංදර්ශන පෙන්නුවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා තමයි ඒවාට ගෙව්වේ. ආණ්ඩුකාරවරුන් එහෙම වියදම් කරන්නේ ඇයි කියලා අපි නම් දන්නේ නැහැ. අධිකරණ ඇමැතිවරයාගේ කතාව ලස්සනයි. හැබැයි වෙඩි තැබීම්, ඝාතනය කිරීම් බොහොමයි. ඒවාත් ක්ලීන් ශ්‍රී ලංකා විය යුතුයි. එවිට මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය රැකෙනවා. මේ වැඩසටහන යටතේ පාතාලය, කුඩුකාරයන් අයින් කරන්න, ක්ලීන් ශ්‍රී ලංකා කරන්න කලින්. ඌව පළාත් සභාවට දෙන්නෙක් පත් කර තිබෙනවා. ඒ පත් කළ අය එනකොට ගස් හැංගුණා. ඒ වගේ අය තමයි අද ඌවට පත් කර තිබෙන්නේ. එහෙම නිලධාරීන් තනතුරු තානාන්තරවලට පත් කරන්න එපා. එහෙම කළාම ක්ලීන් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කොයි තරම් ක්ලීන් වුණත් වැඩක් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT