Home » මන්ත්‍රී කාරියප්පර්ට ඇතිවූ අපහසුතාවට කනගාටුව

මන්ත්‍රී කාරියප්පර්ට ඇතිවූ අපහසුතාවට කනගාටුව

ඇමැති චන්දන අබේරත්න

by sachintha
January 22, 2025 1:16 am 0 comment

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් භාර නොගැනීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත කාරියප්පර් මහතාට ඇතිවූ අපහසුතාව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා ඊයේ (21) සිය කනගාටුව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පාර්ලිමේන්තුවෙන් ලබාදෙන මුද්දර අලවා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලිපියක් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත කාරියප්පර් මහතා මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් සියලු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවන බවද නිශාන්ත කාරියප්පර් මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT