කලක සිට වැල්ලවාය බස් නැවතුම්පොළේ ගැවසෙන අයාලේ යන සුනඛයන්ගෙන් මගී ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වන බව නගරවාසීහු පවසති. මෙම සුනඛයන් ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර නොගැනීම හේතුවෙන් සුනඛයන්ගේ ගහනය වැඩිවී ඇති බවත්, ඒ හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වන බවත් ඔවුහු පෙන්වාදෙති.
බස් නැවතුම්පොළේ පහළ හා ඉහළ මහලේ මෙම සුනඛයන් නිතර ගැවසෙන අතර කුෂ්ඨ වැලඳී විවිධ රෝගාබාධවලින් පෙළෙන සතුන් ද ඒ අතර වන බව නගරවාසීහු ප්‍රකාශ කරති.
මගී ජනතාව අසුන් ගන්නා ආසනවල පවා මෙම සුනඛයන් වැතිරී සිටින අතර එම සතුන් මෙම බස් නැවතුමෙන් ඉවත් කිරීමට කිසිඳු වගකිවයුතු අංශයක් හෝ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව ද ඔවුහු කියා සිටිති.
වැල්ලවාය විශේෂ – ජී.අයි.ආර්. ගරුසිංහ